Sunday, November 24, 2024

General line - 0115112241

ඉන්දු - ඕස්ට්‍රේලියා  අවසන් 20යි 20 තරඟයේ ජයත් ඉන්දියාවට




තරඟ 05කින් යුත් ඉන්දීය කණ්ඩායම සහ ඔඕස්ට්‍රේලියානු කණ්ඩායම අර පැවති තරඟාවලියේ අවසන් තරඟයෙන් ලකුණු 06ක ජයක් හිමි කර ගැනිමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් ලකුණු 53ක් රැස් කළ අතර අක්ෂර් පටෙල් ලකුණු 31ක් රැස් කළා.

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් පමණක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

ඕස්ට්‍රේලියා කන්ඩායම වෙනුවෙන් බෙන් මෙඩේ‍රමෙට් පන්දු 36කදි ලකුණු 54ක් රැස් කළා.

ඒ අනුව, තරඟ 05කින් යුත් ඉන්දීය ඕස්ට්‍රේලියා තරඟාවලියේ හතරට එකක් ලෙස ජය ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.