ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟාවලියේ වෙන්දේසියට ඇතුළත් කර නිබෙනවා.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවකටයි චමරි අතපත්තු ඉදිරිපත් කර ඇත්තේ. චමරි මෙවර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරඟාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබෙනවා.
මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 09 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතව්ස්ද ඉන්දිය රුපියල් කෝටි 2ක මූලික ලංසුවකට ඇතුළත් වී තිබෙනවා.