Sunday, November 24, 2024

General line - 0115112241

තැපෑලේ වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් ගොඩ ගැසේ




මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3,410ක සියලු සේවා කටයුතු අද දිනයේ ද ක්‍රියාත්මක නොවන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් 27,000කට ආසන්න පිරිසක් වර්ජනයේ නිරත වන බවයි.

තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් පමණ සිරවී තිබෙනවා.

කෙසේවෙතත් ගොඩගැසී ඇති ලිපි සහ පාර්සල් බෙදා හැරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.