Sunday, November 24, 2024

General line - 0115112241

උසස් පෙළ විභාග අයදුම්පත් නොලැබුණු පිරිසට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් මෙතෙක් ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයෙක් වේනම් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එය ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එලෙස ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් අයදුම්කරුවන් එම කාර්යය සිදුකර ගත යුත්තේ සිය පාසල මඟින් වන අතර පෞද්ගලික අයදුම්කරුවන්ට වෙබ් අඩවිය හරහා එය ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.


ප්‍රවේශ පත්‍රය සඳහා තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කරන ලෙසට ද අයදුම්කරුවන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.


විභාග කාලසටහන බාගත කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පමණක් භාවිතා කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරවයා දැනුම් දුන්නා.



ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට අයදුම්කරුවන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් ද කළා.


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වනවා. 

දින 22 ක් පුරා ක්‍රියාත්මක එම විභාගය අවසන් වන්නේ දෙසැම්බර්    22 වනදායි. විභාගය සඳහා පෙනී සිටීමට අයදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.