ඊශ්‍රායලය විසින් ගාසා තිරයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පැය 48 ක් ඇතුළත පුද්ගලයින් 120 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ, ඊශ්‍රායලය විසින් දින 02 ක් පුරා ගාසා තිරයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.
ගාසා තීරයේ සෙයිටූන් නගරයේ නේවාසිකාගාරයකට පහර දීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ.
අනෙකුත් මරණ වාර්තා වී ඇත්තේ මධ්‍යම සහ දකුණු ගාසා තීරයෙන්.
ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ රෝහල් කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එසේම එම ප්‍රහාර ඔවුන් රෝහල් ඉලක්ක කර ගනිමින් සිදුකල බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.
කෙසේවෙතත් ඊශ්‍රායල හමුදා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මීට අමතරව ආධාර කණ්ඩායම් සහ විශේෂඥයින් විසින් ගසා තිරයේ ඇති විය හැකි ආහාර හිඟයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.