Sunday, November 24, 2024

General line - 0115112241

නව ක්‍රිකට් තේරීම් කමිටුව ගැන හරින් කතා කරයි




නව ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව වෙනසක් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පකිස්ථානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින් තේරීම් කමිටු සඳහා පත්කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ද තේරීම් කමිටුවට පත්කළේ එවැනි පිරිසක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවා.

මෑතකදී ක්‍රීඩවෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින්, ක්‍රිකට් පිටියේ දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබද මනා දැනුමක් සහිත පිරිසක් වීම ක්‍රිකට් තේරීම් සඳහා පහසුවක් වනු ඇති බවටයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුව ඊයේ පත් කළා.

ඒ, ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්. නව තේරීම් කමිටුවට 5 දෙනෙකු ඇතුලත්.

එහි සභාපති ලෙස පත්කර ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගයි.

තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් පත්කර තිබෙනවා.