වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.
ඒ, බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.
ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය බංග්ලාදේශය ජයගන්නේ කඬුලු 6 කින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 9 ක් දැවී රැස් කළේ ලකුණු 200 ක් පමණයි.
එම ඉලක්කය 41 වන පන්දුවාරයේදී කඬුලු 4 ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාව ජයගත්තේ එක් තරඟයක් පමණයි.
ඒ, ජපානයට එරෙහිවයි.
බංග්ලාදේශය හමුවේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
ඒ අනුව කාණ්ඩයෙන් පාකිස්තානය සහ ඉන්දියාවත්, ඊ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
අවසන් පූර්ව තරඟ දෙකම හෙට පැවැත්වීමට නියමිතයි.