ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධූරය සඳහා තමන් ඉල්ලුම් කළ බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු හිටපු නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.
ඒ, නෙත් එෆ් එම් ක්වික් චැට් වැඩසටහනට එක් වෙමින්.
තමාට වගකීමක් ලබා දුනහොත් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට සූදානම් බවයි ඩිල්ශාන් මෙහිදී පැවසුවේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරි පත් කළ පෙත්සමට අදාල විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.