ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංගට ලබා දීමට තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.
මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නිත්‍ය නායකත්වය දැරුවේ දසුන් ශානකයි.
ඔහු පැවති තරඟාවලි කිහිපයකම දිගින් දිගටම අසාර්ථක විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.
තේරීම් කමිටු නියෝජිතයින් රැස් වී වනිඳු හසරංග පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සිම්බාබ්බේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරඟාවලියේ නායකත්වය වනිඳු හසරංගට හිමි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.