නව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් ටෙස්ට්, එක්දින සහ 20යි 20 කණ්ඩායම් සඳහා නව නායකයන් තිදෙනකු පත් කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
ශ්රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ටෙස්ට් නායක්තවය දරන දිමුත් කරුණාරත්න වෙනුවට එම නායකත්වයට ධනංජය ද සිල්වා පත් කිරීමට අවධානය යොමු කර තිබෙන අතර එහි උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පන්දුවාර 50 එක්දින නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමට නියමිත අතර උප නායකයා ලෙස චරිත් අසලංක ලබා දිමට නියමිතයි.
එමෙන්ම, 20 යි 20 නායකත්වය වනිඳු හසරංගට ලබා දිමට තිරණය කර තිබෙනවා.
මීට පෙර එක්දින සහ 20යි 20 කණ්ඩායම් දෙකේම නායකත්වය දැරුවේ දසුන් ශානකයි.
මේ පිළිබඳ අවසන් තිරණයක් ගැනිම සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව හෙට දිනයේ රැස්විමට නියමිතයි.