මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරමින්.
දීර්ඝ කාලයක් තිස්සේ රජයන් විසින් අපේක්ෂා කළ අරමුණු කරා ළගාවීමට මිල්කෝ ආයතනයට නොහැකිවූ පසුබිමක් තුළ තමන් පසුගිය වසරේ ජනවාරි 21 වනදා සභාපති ධුරය භාරගත් බවයි රේණුක පෙරේරා සිය අස්වීමේ ලිපියෙන් පෙන්වා දෙන්නේ.
එවන් පසුබිමක් තුළ මිල්කෝ ආයතනය ජයග්‍රහණ රැස් කර ගෙන තිබෙනවා. කෙසේවෙතත් රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලිකරණය කිරීම සදහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව ආයතනය ඉදිරි ප්රගමනය සදහා මෙහෙයවීමට සිය කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි රේණුක පෙරේරා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.