බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නුවරඑලිය, මිපිලිමාන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ බගවන්තලාව ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.