Friday, November 22, 2024

General line - 0115112241

ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවධානමක්




පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එවැනි තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ.

ඩෙංගු රෝගීන් වැඩි වීමක් දැකිය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන්ද ඇය කරුණු දැක්වුවා.

උසස් පෙළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන අසලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාසල් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. 

ඒ, ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති පුරෝකථනය සැලකිල්ලට ගනිමින්. 

ඒ අනුව සිසුන්ට මෙන්ම විභාග රාජකාරීවල නිරත නිලධාරීන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ලබන 25 වනදා ආරම්භ වනවා.