ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර සිය ට්විටර් ගිණුමට ඇතුළත් කර තිබුණා.
එමෙන්ම වසර තුනකට වරක් සිදුකරන සියයට 25ක වැටුප් වර්ධකයද ක්‍රියාත්මක නොකරන ලෙසටද අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩල බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවද අමාත්‍යවරයා සිය ලිපියෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අවධානයට ලක් කර තිබෙනවා.