එළඹෙන උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව නත්තල් උත්සවය සහ එළඹෙන නව වසර වෙනුවෙන් දුරබැහැර ගමන් කරන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ මගීන්ගේ අවශ්‍යතාව පරිදි අද සිට ලබන 31 වනදා දක්වා දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ සියයක් යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
මේ අතර එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද අද සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් අද සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මකයි.
මීට අතරව කොළඹ කොටුව සහ බදුල්ල අතර හෙට සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ දුම්රිය කාලසටහනක් ද නිකුත් කර ඇති අතර එම කාල සටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුලත්.