Thursday, May 9, 2024

General line - 0115112241

යුද්ධය අවසන් වන තුරු කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු මුදා නොහරින බව හමාස් සංවිධානය කියයි




ඊශ්‍රායලය යුද්ධය නතර කරන තෙක් තවත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු මුදානොහරින බව හමාස් සංවිධානය පවසනවා.

ඒ අනුව ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එළඹිය යුතු බවයි හමාස් සංවිධානය පවසන්නේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය මෙතෙක් ඒ සම්බන්ධයෙන් ධනාත්මක පිළිතුරක් ලබාදී නැහැ.

එහෙත් සටන් විරාමයකට අවතීර්ණ වන ලෙසත්, තවදුරටත් හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාහරින ලෙසත් ඊශ්‍රායලයට ලොව රටවල් රැසකින් ඉල්ලීම් ඉදිරිපත්වී තිබෙනවා.

නමුත් ඊශ්‍රයල හමුදාවේ ඇතැම් ඉහළ නිලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය පරාජය කිරීමකින් තොරව යුද්ධය අවසන් කිරීම ඊශ්‍රායලය ලබන පරාජයක් බවයි. 

මේ අතර ගාසා යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණය ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා.

සටන් විරාමයක් සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා කිහිපයකදී උත්සාහ දැරූ නමුත් එම උත්සාහයන් ද ව්‍යවර්ථ වුණා.