ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අර්බුදයක් ඇති කර ගනිමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ උත්සාහ කළේ තමන්ට හිතවත් පිරිසක් ඊට ඇතුළත් කර ගැනීමට බව එම ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසනවා.
කෙසේවෙතත් හිටපු ක්‍රිඩා අමාත්‍යවරයාගේ එම ප්‍රයත්නය ව්‍යාර්ථ වූ බවයි නෙත් එෆ් එම් ක්වික් චැට් වැඩසටහහනට එක්වෙමින් ඔහු කියාසිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආශ්‍රිතව පැවති අර්බුදකාරී තත්ත්වය මේ වනවිට සමනය වී ඇති බැවින් අනාගතයේ සුබදායි වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සහභාගි වූ නෙත් එෆ් එම් ක්වික් චැට් සම්පූර්ණ වැඩසටහහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.