ඉපලෝගම, මහඉලුප්පල්ලම ප්රදේශයේදී අද අලුයම මගී ප්රවාහන පෞද්ගලික බස් රථයක වන අලියෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස්රථයේ ගමන් ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ කැකිරාව සිට තලාව මාර්ගය ඔස්සේ අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථයේ මගීන් 25ක් දෙනෙකු පමණ සිට ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ එම බස්රථය මහඉලුප්පල්ලම ප්රදේශයේදී ධාවනය කෙරෙමින් තිබියදී මාර්ගය හරහා ගමන් ගත් වන අලියෙකු බස්රථයේ ගැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තකාරු පැවසුවේ.
වන අලියා ගැටුනු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරුව ප්රදේශවාසීන් එක්ව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බස්රථයේ රියදුරු සහ රිය සහායකවරයා ද තුවාලකරුවන් අතර වන බවයි නෙත් නිවුස් වාර්තකාරු පැවසුවේ.
තුවාලකරුවන් අතරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අනතුරින් බස්රථයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.