මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකත්වයට පත් කෙරුණු හර්දික් පාණ්ඩ්‍යාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඔහු වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්දික් පාණ්ඩ්‍යා ක්‍රීඩක වෙන්දේසියට පෙරම හුවමාරු ගාස්තුවක් යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කරගැනීමට කටයුතු කළා
මුම්බායි කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ රෝහිත් ශර්මා වෙනුවට මෙවර තරගාවලියේදී හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නායකත්වයට ද පත් කිරීමටයි කළමනාකාරීත්වය පියවර ගනු ලැබුවේ.
කෙසේවෙතත් ආබාධයකට ලක්වීම හේතුවෙන් හර්දික් පාණ්ඩ්‍යාට ෂඡඛ තරගාවලිය අහිමිවීමේ අවදානමක් මතුවී ඇති අතර ඔහුගේ සහභාගීත්වය නොමැති වුවහොත් එය මුම්බායි කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර කළේ.
මුම්බායි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා නායකත්වයේන් ඉවත් කිරිමට විරුද්ධ එරට ඇතැම් කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ද පැවැත්වුවාග