Sunday, November 24, 2024

General line - 0115112241

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය අත්හිටුවයි




ක්‍රීඩා සංගම් දෙකක සහ ක්‍රීඩා සම්මේලන 03 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ප්‍රකාරවයි එලෙස ක්‍රීඩා සංගම් දෙකක සහ ක්‍රීඩා සම්මේලන 03 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා දුනුශිල්ප සංගමය සහ ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සහ ශ්‍රී ලංකා බි්‍රජ් සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.