Friday, October 18, 2024

General line - 0115112241

ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතිහාස ගත වෙයි




ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතිහාස ගත වි තිබෙනවා.

ඒ, ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව හේතුවෙන්.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ලෝක කුසලාන තරගාවලිය හඳුන්වා ඇත්තේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලිය ලෙසයි. 

2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සාපේක්ෂව ගත් කළ මෙම තරගාවලිය නැරඹූ පිරිස සියයට 38 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තරගාවලිය සජීවීව ලොව පිරිස් නරඹා ඇති මිනිත්තු සංඛ්‍යාව ට්‍රිලියන  01 ක්.

අවසන් මහා තරගය නරඹා ඇති මිනිත්තු සංඛ්‍යාව බිලියන 87 යි දශම 6 ක්.

සමස්ථ තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නරඹා ඇති මිනිත්තු සංඛ්‍යාව බිලියන 422 ක් වනවා. 

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලෝක කුසලානයේ කොටස් නරඹා ඇති සංඛ්‍යාව බිලියන 16 යි දශම 9 ක්.

එය අයි සී සී ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි.

සමස්ථයක් ලෙස ගත් කළ ලෝක කුසලානයේ වීඩියෝ දරශන නැරඹූ සංඛ්‍යාව සියයට 158 කින් වැඩිවී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.