ඉන්දියානු සාගරයේ මාලදිවයිනට ආසන්නයේ ප්‍රභල භූ කම්පන දෙකක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම භූ කම්පන දෙක අද (29) අලුයම හටගෙන ඇති අතර එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ද දෙවන කම්පනය 5.2ක් ද තෙවන කම්පනය 5.8ක් සහ හතරවන කම්පනය 5ක් වන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පවසා සිටියේ .
මෙම කම්පන ඉන්දියානු සාගරයේ කිලෝමීටර් 2000ක් ඇතුලතින් සිදු වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ.
මුහුද අභ්‍යන්තරයේ පිහිටි කඳු පන්තියක මෙම භූ කම්පන මාලාව සිදුව තිබුණා.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.