සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට පෙර සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමද නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය අමතමින් ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් ගත් තීරණය ඉතා අපහසු තීරණයක් වූ බවයි.
ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් ද සමුගන්නා බවට එලෙස නිවේදනය කළේ සිය අවසන් ටෙස්ට් තරගයට දින තුනකට පෙරවීම විශේෂත්වයක්.
ඒ අනුව ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය ලබන 3 වනදා පකිස්තානයට එරෙහිව සිඩ්නිහි ආරම්භවීමට නියමිතව තිබෙනවා.
එක්දින පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කරමින් ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවට ආරම්භක පිතිකරුවෙකු අවශ්‍ය නම් තමා ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.
එක්දින පිටියෙන් ඉවත්වී ලීග් ක්‍රිකට් තරගවලට වැඩි අවස්ථාවක් ලබාදීමට තමන් අපේක්ෂා කරන බවද ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.