බදු ආදායම වැඩි වීම පදනම් කර ගනිමින් වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති සීමා ඉවත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් රජයට සහතික විය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
රජය විසින් ගත් අසීරු තීන්දුවල යහපත් ප්‍රතිපල ලැබෙනමින් පවතින පසුබිමක් තුළ හදිසි තීරණ ගත නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී සිටින අපහසුතා මෙම වසරේ මැද භාගය පහව යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.