සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන මෙලෙස ප්‍රේක්ෂකයන්ට විවෘත වනු ඇති.
ප්‍රේක්ෂකයන්ට ඇතුළු වීම සඳහා ක්‍රීඩාංගණයේ ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිතයි.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි.