වෙළඳපොලේ පවතින භාවිත කළ වාහනවල මිල සීඝ්රයෙන් ඉහළ යමින් ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.
ශ්රී ලංකා මෝටර් රථ වෙළඳ සංගමයේ සභාපති චාරක පෙරේරා පැවසුවේ භාවිත කළ රථවාහනවල මිල සියයට 18 කින් වැඩිවී ඇති බවයි.
මෝටර් රථ අමතර කොටස් මිල ද ඉහළ යමින් ඇති බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ රටේ කතාබහක් මතුවුණා.
ඇතැම් වාර්තාවල පළ වුණේ ඇන්ජින් ධාරිතාව දහසට අඩු වාහන ගෙන්වීමේ සූදානමක් ඇති බවයි.
එහෙත් ආණ්ඩුවේ පාර්ශවයයෙන් ඒ පිළිබඳ නිල වාර්තාවක් මෙතෙක් ප්රකාශයට පත්වී නැහැ.