Saturday, July 27, 2024

General line - 0115112241

පකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට




මහ මැතිවරණය ආසන්න වීමත් සමග පකිස්තානය තුළ ඝාතන සිද්ධීන් සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මැතිවරණය ආසන්නවත්ම එරට ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ පක්ෂවල ආධාරකරුවන් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ද ඉහළ ගොස් ඇතැයි සඳහන්.

එවැනි ආසන්නතම සිදුවීම දෙක්ක ඉකුත්දා පකිස්තානයෙන් වාර්තා වුණා.

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාගේ පී ටී අයි පක්ෂයේ ප්‍රභලයෙකු ද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ පී ටී අයි පක්ෂයේ ප්‍රභලයෙකු වන ෂා කලීඩ් නමැත්තෙක්.

මේ අතර මහ මැතිවරණය ස‍ඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින පුද්ගලයෙකු ද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එලෙස මිය ගොස් ඇත්තේ කලීමුල්ලා ඛාන් නමැත්තෙක්.

උතුරු වසිරිස්තානයේ දී ඔහු එම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.