ඉන්දියාවේ අද දරුණු නාවික අනතුරක් සිදු වුණා.
ඒ, මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක්, පාලනය කරගත නොහැකිව මගී යාත්‍රාවක ගැටීමෙන්.
අනතුරෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ
මියගිය අය අතර නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බවයි.
අනතුරට ලක්වූ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාව පැවසුවේ වේග ප්‍රහාරක යාත්‍රාවේ එන්ජින් දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.
මගී යාත්‍රාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එලිෆන්ටා ගුහා වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.
අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය ශෝකය පළ කර තිබෙනවා.