මෙරට නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී පිටර් බෘවර් ඇතුළු නියෝජිතයන් පිරිස උතුරු පළාතේ සංචාරයක නිරතව තිබෙනවා.
එහිදී එම පිරිස උතුරු පළාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් හමුවූ පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උතුරු පළාතේ ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කල හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් එහිදි ප්‍රකාශ කර ඇත්තේ උතුරේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාාත්මක කරන බවයි.
එම සාකච්ඡාව සදහා උතුරු පළාත් සභාවේ නිලධාරින්ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.