Thursday, December 26, 2024

General line - 0115112241

චීනයෙන් කරදරයි - ඔස්ට්‍රේලියාවට පිලිපීනයෙන් පැමිණිල්ලක්




දකුණු චීන මුහුදේ ස්වෛරී අයිතීන් ලබා දෙන ලෙස චීනය පිලිපීනයට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බව එරට ජාතික ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සමඟ පැවැති හමුවකදීයි.

"අපි දකින්නේ ප්‍රදේශයේ අපගේ ස්වෛරී අයිතීන් ලබා දෙන ලෙස චීනයෙන් එල්ල වන බලපෑම් පමණයි. ", පිලිපීනය "චීන ආක්‍රමණයේ ගොදුරක්" බව ද ඔහු පවසා තිබෙනවා.

ආසියාවේ වඩාත්ම තරඟකාරී අංගයක් වන ස්කාර්බරෝ ෂෝල් ඇතුළු දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර මේවනවිට දැඩි මතභේදයක් පවතිනවා.

පිලිපීනය සහ අනෙකුත් අග්නිදිග ආසියානු ජාතීන් විසින් හිමිකම් කියන දකුණු චීන මුහුදේ ප්‍රදේශවල චීන ක්‍රියාකාරකම් පිළිබඳව ද එහිදී පිලිපීනය ඔස්ට්‍රේලියාවට සිය කනස්සල්ල පළ කර ඇති අතර ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවළක වැදගත්කම ද අවධාරණය කර තිබෙනවා.