Monday, April 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේට එරෙහි කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - චරිත්, කුසල් ඉවතට




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය මේවනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අසනීප තත්ත්වයක් හේතුවෙන් චරිත් අසලංක අද තරගයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වෙනුවට කැඳවා ඇත්තේ කමිඳු මෙන්ඩිස්.

අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ දෙක දෙපිළිම එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලිය සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තරගාවලිය ජය ගැනීම සඳහා අද දෙපිළටම තරගය තීරණාත්මකයි.

යම් හෙයකින් අද තරඟය සිම්බාබ්වේ පිළ ජයගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලබන පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරඟාවලි ජයග්‍රහණය එය වනු ඇත.