Monday, April 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේට එරෙහි විස්සයි 20 තරඟාවලි ජය ශ්‍රී ලංකාවට




සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 14 එක් පන්දුවක් අවසානයේ ලකුණු 82 කට දැවී ගියා.

සිම්බාබ්වේ කණ්ඩායමේ මැද පෙළ කඬුලු 06 ක් පන්දු 27 ක් තුළ බිඳ වැටීම කැපී පෙනෙන තත්ත්වයක්.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 15 කට කඬුලු 4 ක් බිඳ හෙලූ අතර ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඬුලු දෙක බැඟින් බිඳ හෙලුවා.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ලකුණු 83 ක ඉලක්කය පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 35 ක් රැස් කළා.

තරඟයේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිවුණා.