Monday, April 29, 2024

General line - 0115112241

19 න් පහළ යොවුන් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය ලබා ගනී




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තමන් සහභාගි වූ පළමු  තරගය එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ ඩක්වත් ලුවිස් න්‍යයාට අනුව ලකුණු 39කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3ක් අවසානයේදී සියළු දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනුර කළුපහන පන්දු 55කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක්.

නොදැවී පන්දුවට පහරදුන් ෂම්මුගනාදන් ලකුණු 41 යි.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කෝල් විලියම් සිය පන්දුවාර 10 අවසානයේදී ලකුණු 40 ක් ලබාදෙමින් ප්‍රතිවාදී කඩුළු 3 ක් බිදහෙළුවා. 

ජයග්‍රාහී ලකුණු 205 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ 19 න් පහළ කණ්ඩායමට තරගය අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 22කදී ජයග්‍රහණය සදහා ඔවුන් හිමි වූ ඉලක්කය ලකුණු 129 ක්.

එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්බේ කණ්ඩායමට පන්දුවාර 21යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා 19 පහළ යොවුන් කණ්ඩායම  එම තරගය ජයගනු ලැබුවේ ලකුණු 39කින්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මල්ෂ තරුපති පන්දුවාර 4ක් තුළදී ලකුණු 17කට කඩුළු 4 ක් බිද හෙළුවා.