Monday, April 29, 2024

General line - 0115112241

ලෝක ශූර ඔස්ට්‍රේලියා නායකයා ලොව හොඳම ක්‍රිකට් ක්‍රිඩකයා වෙයි




වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියා  නායක පැට් කමින්ස්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

ඒ, 2023 වසරේ එක්දින ක්‍රිකට් පිටියේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන්. පැට් කමින්ස් පිත්තෙන් සහ පන්දුවෙන් ක්‍රීඩකයෙකු ලෙස දැක්වූ දක්ෂතා මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවය, අළු බඳුන තරඟාවලිය ජය ගැනීම හා 06 වන වරටත් එක්දින ලෝක ශූරයින් බවට පත්වීමට නායකයෙකු ලෙස දැක්වූ දක්ෂතා ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇතැයි සඳහන්.

2023 වසරේදී පැට් කමින්ස් තරඟ 24 කදී ලකුනු 422 ක් සහ කඬුලු 59 ක් බිඳ හෙලා තිබෙනවා. 

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවුණේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුටයි.