Monday, April 29, 2024

General line - 0115112241

ලෝකයට වටින චමරිගේ වටිනාකම අන්තිමට ඉන්දියාවටත් තේරෙයි




ඉන්දියාවේ පැවැත්වෙන WPL හෙවත් විමෙන්ස් ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අවසන් මොහොතේ කැඳවිමට තීරණය කර තිබෙනවා.

ඒ, 2023 වසරේ ලොව හොඳම එක්දින ක්‍රිඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇය නම් කරනු ලැබූ පසුබිමකයි. 

WPL ක්‍රිකට් තරගාවලියේ මූලික වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් චමරි අතපත්තු මිලදී ගත්තේ නැහැ.

ඒ පිළිබඳ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුවුණේ ඒ වන විටත් ඇය පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියේ ඉහළ දක්ෂතා දක්වා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් WPL ක්‍රිකට් තරගාවලියට එක්වන එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් ඉවත්වීමත් සමග ඒ වෙනුවට චමරි අතපත්තු කැඳවිමටයි තීරණය කර ඇත්තේ.

ඇය ගිවිසුම් ගතව ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක්.