වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 7 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වි තිබෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09 ක් බිඳ වැටී ලකුණු 208 ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනුර කලුපහන හතරේ පහර 06 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළා.
රවිෂාන් ද සිල්වා ලකුණු 30 යි.
ලකුණු 209 ක ඉලක්කයක් හඹා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදී කඩුළු 4 ක් පමණක් දැවී ලකුණු 211 ක් රැස් කර ගනිමින් තරගය ජයගත්තා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් හැරී ඩික්ෂන් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 49 ක් ලබාගත් අතර රයන් හික්ස් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 77 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගරුක සංකේත් කඩුළු 3 ක් ලබාගත්තා.