Wednesday, November 13, 2024

General line - 0115112241

දේශපාලනයට එනවාද? සනත් නිශාන්තගේ බිරිඳගෙන් නෙත් නිවුස් වෙත අනාවරණයක්




තමන් දේශපාලනයට ප්‍රවේශ වන බවට මෙතෙක් කිසිවෙකුටත් ප්‍රකාශ කර නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතීඥ චමරි පෙරේරා පවසනවා.

ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙස තමන්ට ආරාධනාවක් ද ලැබී නොමැති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඇය කියා සිටියේ.

කෙසේවෙතත් අනාගත දේශපාලන ධාරාව කුමන දිශාවකට ගලාගෙන යයි දැයි මේ මොහොතේ කිව නොහැකි බව ද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

උපුටා ගැනීම,


“පවතින දේශපාලන ධාරාව කොහේට ගලාගෙන යයි දැයි මම දන්නේ නැහැ. මම දරුවන් 04 දෙනෙකු හදා ගන්න ඕනේ. දරුවන්ට උගන්වන්න ඕනේ. ගෙදර යළි හදාගන්න ඕනේ. හැමදේම ආයේ මුල ඉදලා පටන් ගන්න ඕනේ. එතකොට මේ ටික හැදෙන තැන මොකක්ද කියන එක දෙවරක් හිතලා ඉදිරිය ගැන බලන්න ඕනේ.”


උපුටා ගැනීම අවසන්. 


මේ අතර සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ අවමංගල්‍යය උත්සවයේදී ප්‍රදේශයේ මහා සංඝරත්නය ද ඉල්ලා සිටියේ සනත් නිශාන්ත රාජ්‍ය අමා්‍යවරයාගේ දේශපාලන හිඩැස පිරවීමට ඔහුගේ බිරිඳට අවස්ථාව සලසා දිය යුතු බවයි.