Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




ක්‍රිකට් තරඟාවලියකට සහභාගි වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු  28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් තරඟයකට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට ඔවුන් තරඟ වදිනු ඇති.

දෙරට අතර ටෙස්ට් තරඟය පෙබරවාරි 02 වනදා සිට 06 වනදා දක්වා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැතවෙන අතර ක්‍රීඩාලෝලීන්ට එම තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

එක් දින ක්‍රිකට් තරඟ තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ දිවා රාත්‍රී තරඟ ලෙසයි.

එම තරඟ පෙබරවාරි 09, 11 සහ 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 17, 19 සහ 21 යන දිනවලදීයි.