Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ යෝජනාවෙන් ජේ ෂා යළි ආසියානු ක්‍රිකට් සභාපති පුටුවට




ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා යළි තේරී පත්වී තිබෙනවා.

ඒ, තවත් වසරක කාලයක් සඳහායි.

එහි විශේෂත්වය වන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ඔහුගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් වීමයි.

එම යෝජනාව ඒකපාර්ශවිකව සම්මත වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාව මෙය වනවා.

ඔහු එම ධූරයට පළමු වරට පත් වුණේ 2021 වසරේදීයි.

ඔහුගේ පාලන කාලයේදී 2022 වසරේ ආසියානු කුසලානයේ ටී 20 ආකෘතියෙන් ද, 2023 දී එක්දින තරඟ ආකෘතියෙන් ද පැවැත්වුණා.

ජේෂාගේ නම යෝජනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසා ඇත්තේ ආසියානු කලාපය පුරා ක්‍රිකට් ප්‍රවර්ධනයට හා සංවර්ධනයට ජේ ෂා ප්‍රධාන කාර්්‍යභාරයක් ඉටු කළ බවයි.

ඉකුත් සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය පැවති අවධියේදී ජේ ෂාගේ නම ද පාර්ලිමේන්තුවේදී පවා වැඩි වශයෙන් කතා බහට ලක්වුණා.