Monday, April 29, 2024

General line - 0115112241

චමරිට ඔස්ට්‍රේලියාවෙන් ඉහළම ක්‍රිකට් සම්මානයක්




ඔස්ට්‍රේලියානු  ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද එරෙට ඉහළම සම්මානයක් හිමිව තිබෙනවා.

ඒ, ඉකුත්දා අවසන් වූ බිග් බෑෂ් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව 2023 වසරේ කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට හිමි සම්මානය මෙහිදී චමරි අතපත්තුට හිමි වුණා.

2023 වසරේ පැවති බිග් බෑෂ් තරඟාවලියේ ක්‍රීඩිකාව බවට පත් බවුණේ ද චමරි අතපත්තුයි. 

ඔස්ට්‍රේලියානු  ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය ඔස්ට්‍රේලියානු  නවක ක්‍රීඩක මිචෙල් මාෂ්ට හිමිවීම විශේෂත්වයක්.