Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය අද




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

දෙරට අතර තරඟාවලියට අයත් එකම ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙයයි.

ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ටෙස්ට් තරඟයකට සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වනවා. 

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.

තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය බැවින් දෙපිළම පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට එක්වන්නේ නව ටෙස්ට් නායකයෙකු සමඟයි.

ඔහු ධනංජ ද සිල්වායි.


එම තරඟයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් දිනූ සෑම රටක් සමඟ ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කර ඇති අතර එවැනි අවස්ථාවක් හිමිවූ ලොව දෙවන කණ්ඩායම ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ඇති රටවල් 11 ක් සමඟ මේ වන විට ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කර තිබෙනවා.