Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාට




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිස සිටින්නේ වේගපන්දු යවන්නන් තිදෙනෙකු සමඟයි.

ඒ අතරට කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ නවක ක්‍රීඩක චාමික ගුණසේකර ද අයත්.

ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙයයි.

ඇෆ්ගනිස්තානය ද අද තරඟයට එක්වන්නේ නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු සමඟයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්තානය දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඬුලු දෙකක් දැවී ලකුණු 90 ක් රැස්කරගෙන සිටියා.

පළමු කඬුල්ල ලෙස ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු නොලබා දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

බිඳ වැටුණු අනිත් කඬුල්ල දවාගත්තේ විශ්ව ප්‍රනාන්දුයි.