Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන පළමු ඉනිම ලකුණු 198 කට සීමා වෙයි




ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් රැස් කර ගෙන සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 42 ක් රැස් කරගෙන සිටි අතර  නිශාන් මධුෂ්ක නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 36 ක්.

ඇෆ්ගනිස්තාන පළමු ඉනිම ලකුණු 198 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයේ සියලු පිතිකරුවන් දැවී ගියේ පන්දුවාර 62 යි පන්දු 4 ක් තුළයි.  

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහමඩ් ෂා ලකුණු 91 ක් රැස් කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුළු 04 ක් බිඳ හෙලුවා.

අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 බැගින් දවා ගත්තා.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදීයි.