Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි




සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් පසුවනවා.

ඒ, කඩුලු 07ක් දැවී ලකුණු 251ක් රැස් කරමින්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි.

ඊබ්‍රහීම් සඩ්‍රන් ලකුණු 114ක් රැස් කළා.

රහමට් ෂා ලකුණු 54යි.

නූර් අලි සඩ්‍රන් ලකුණු 47කට දැවී ගියා.

සෙසු ක්‍රීඩකයින් 04 දෙනාට ලකුණු 08 සීමාව පසු කර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

පන්දු යැවීමේදී ප්‍රභාත් ඉයසූරිය ලකුණු 83කට කඩුලු 04ක් දවා ගෙන සිටිනවා.

අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් මේ වන විට දවා ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 439ක්.