Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ වෙත සමරු පලකයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ගෙන් දැනට ජීවත්ව සිටින වයෝවෘද්ධතම ක්‍රීඩකයෙකු වන ස්ටැන්ලි ජයසිංහ වෙත සමරු පලකයක් පිරිනැමීම ඊයේ සිදු කෙරුණා.

ඒ, 94 වන ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයට සමගාමීවයි.

අනූ තුන් හැවිරිදි වියේ පසුවන ස්ටැන්ලි ජයසිංහ, නාලන්දා විද්‍යාලයෙන් බිහි වූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු පළමු පෙල තරඟ 144 කදී ලකුණු 6,811ක් ලබා ගෙන තිබෙනවා. 

ස්ටැන්ලි ජයසිංහ වෙත සමරු පලකයක් පිරිනැමීමේ අවස්ථාවට ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් නවලෝක සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක උපාලි ධර්මදාස, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය මෙන්ම නාලන්දය වෙනුවෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල ද ඇතුළු ආදී ආනන්දියන් සහ නාලන්දියන් පිරිසක් සහභාගී වුණා.

94 වන ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය ලබන මාර්තු 02 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.