Friday, May 3, 2024

General line - 0115112241

19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඉන්දියාව සුදුසුකම් ලබයි




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, තියුණු තරඟයකින් පසු දකුණු අප්‍රිකාව කඩුලු 02කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 07කට ලකුණු 244යි.

ඉන්දියාව කඩුලු 08ක් දැවී එම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 48යි පන්දු 05ක දීයි. ඉන්දියාව වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ 09 වන අවස්ථාව මෙයයි.  

මේ අතර වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය හෙට පැවැත්වෙනවා. ඒ, ඔස්ට්‍රේලියාව  සහ පකිස්තානය අතරයි.