Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 06 දෙනා අතරට




නවතම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ 06 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුවයි.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා මත ඔහු ස්ථාන 03 ක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 30 තුළ සිටින එකම පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරියයි.

රමේෂ් මෙන්ඩිස් 30 වන ස්ථානයේත්, අසිත ප්‍රනාන්දු 34 වන ස්ථානයේත් පසුවනවා.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා මත ඔහු ස්ථාන 07 ක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ අතර ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ වේග පන්දු යවන්නෙකු ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම ස්ථානයට අද පැමිණියා.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙමින්.

මීට පෙර ඉන්දිය වේග පන්දු යවන්නෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය වූයේ දෙවන ස්ථානයයි.

එම දස්කම දැක්වූයේ 1979, 1980 යන කාල වකවාණුවේදී කපිල් දේව් විසින්.