Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පාපන්දු පිටියට




ලොව පුරා අතිශය ජනප්‍රිය සිනමා නළුවෙකු වන ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් මේ වනවිට ලොවපුරා සිටින පාපන්දු ප්‍රේක්‍ෂකයින්ගේද ආදාරය දිනා ගනිමින් සිටිනවා.

ඔහු පාපන්දු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමගයි.

ශාරුක් මෙහිදී පාපන්දු ක්‍රීඩා කරන්නේ සිය පුත්‍රයා ඇතුළු පිරිසක් සමගයි.

ඒ, ඔහුගේ කල්කටාහි පිහිටි නිවසේදීයි.

අසල්වැසියෙකු විසින් එය රූගත කර අන්තර් ජාලයට එක්කිරීමත් සමග ඊට ලොවපුරා සිටින සිනමා රසිකයින් පමණක් නොව පාපන්දු ඇතුළු ක්‍රීඩා ප්‍රේක්‍ෂකයින්ද ඉහළ ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

බොහෝ දෙනෙකු පවසන්නේ අතිශය කාර්ය බහුල නළුවෙකු වන ශාරුක් ඛාන් සිය පවුල වෙනුවෙන් කාලය ගත කිරිමට වෙලාව වෙන් කිරීම සැමට ආදර්ශයක් බවයි.

“රොනාල්ඩෝ නැත. මිසී නැත. ශාරුක් ඛාන් පමණයි” යනුවෙන්ද ඇතැම් පිරිස් අදහස් පළ කර තිබුණා.