Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

කෙසේවෙතත් මේ දක්වා තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.

දෙරට අතර එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත්.

පළමු තරගය හෙට පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

දිවා තරගයක් ලෙස එය පැවැත්වෙනු ඇති.

දෙවන තරගය ලබන ඉරිදාත්, 3 වන තරගය ලබන බදාදාත් පැවැත්වීමට නියමිතයි. ඉ

න් පසුව දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය ආරම්භ වනවා.

එහි තරග පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදීයි.

පන්දුවාර විස්සයි විස්ස තරගාවලියටද තරග 3 ක් ඇතුළත්.