Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් හිටපු නායක දසුන් ඉවතට




ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන්, මීට පෙර ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට කැදවා ඇත්තේ චාමික කරුණාරත්නයි.

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

කුසල් මෙන්ඩිස් නායකයා ලෙසත් චරිත් අසලංක උප නායකයා ලෙසත් නම් කර තිබෙනවා.

නවක ක්‍රීඩකයින් වන ෂෙවෝන් ඩැනියෙල්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාගේ හා ප්‍රමෝද් මධුෂාන්ද සංචිතයට ඇතුළත්.

පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම කටයුතු කරනවා.

ජනිත් ලියනගේ, වනිදු හසරංග සංචිතයට එක්වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසයි.

මහීෂ් තීක්‍ෂණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර හා ඩිල්ෂාන් මධුශංක සංචිතයට එක්වන පන්දු යවන්නන් වනවා.

දෙරට එක්දින ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේදී හෙට ආරම්භ වනවා.